මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සියලුම දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරින්ට විශේෂ ස්තූතියක් පුද කර තිබෙනවා.
ඒ ඊයේ දිනයට යෙදුණු ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පැවැත්වූ රැලි සහ පෙළපාලි සාමකාමී අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන්.
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින්ට සිය රාජකාරි කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය ස්තුතිය පිරිනමනවා.
මැයි දින පෙළපාලි හා රැස්වීම් පැවැත්වූ සෑම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ඊයේ දිනයේ යෙදවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.