ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පස්වරුවේ සම්මතවිය.
යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලකුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටියේ නැත. ෆවුසි මහතාද යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ උත්තර ලංකා සභාගයයි.
අතුරලියේ රතන හිමියෝද අකිල ඉලංගෙයි තමිල් කොංග්රස් පක්ෂයේ නායක ජී.ජී පොන්නම්බලම් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව දින තුනක් පුරා (26,27,28) විවාදයට ගැනිණ.
මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය සහාය ලබාදීම මෙම යෝජනාව මඟින් සිදුකෙරේ.