IMF එකඟතා පිළිබඳ විවාදය තුන්වන දිනටත් අද (28) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතයි.
විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව අද (28) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සහභාගීවීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කෙසේ වෙතත් ඔහු පෙරේදා (26) සඳහන් කළේ මෙම ඡන්ද විමසීමේ දී නිදහස් පක්ෂය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බවයි.