චීන ආයෝජනයක් ලෙස දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ (27) බැහැදුටු අවස්ථාවේ දීයි.
ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව ඉතා පැරණි එකක් බව සඳහන් කළ චීන තානාපතිවරයා යෝජිත නව පිරිපහදුව විවෘත කිරීමෙන් පසු මෙරට ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්රයේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බව කියා සිටියා.
මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත්, 140ත් අතර මුදලක් චීනය විසින් මෙරට ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා බිහිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.