ශ්‍රි ලංකාවට දකුණු ප්‍රදේශයෙන් කිළෝමීටර් 900ත් 1000ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම පවසනවා.
මෙලෙස නව භූ තල මායිමක් නිර්මාණය වුවහොත් භූ කම්පන ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ යනු ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අනුමාන කරනවා.
ශ්ර්රී ලංකාව යනු ස්වාභාවික වශයෙන් වාසනාවන්ත රටක් බවත් දරුණු තත්ත්වයේ භූ කම්පන ඇති වීමේ අවධානම තවමත් අවම තත්ත්වයක පවතින බවත් එතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මෙම වසර ඇතුළත පමණක් මේ වන විට භූ කම්පන 9ක් වාර්තා වී ඇති බවත් එයින් බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරය තුළ සිදුව ඇති බවත් අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මාස 4ක් තුළ භූ කම්පන 9ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවයි.
එමෙන් ම සිදු වූ භූ චලනවලින් වාර්තා වී වෙන්නේ.