ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළා.
එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළ අතර එහි දී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ 3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවයි.
එමෙන් ම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිරීක්ෂණය වී ඇති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලු ම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන්.