ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මනෝරාජිකව අදහස් පළ කළද, මහ පොළොවේ යතාර්ථය වෙනස් බවත්, ඒ අනුව අවසානයේ ජයගනු ලබන්නේ, මහපොළොවේ යතාර්ථය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ (26දා) ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ජනාධිපතිතුමා මනෝරාජික අදහසක් ඉදිරිපත් කළා. ඒත් පොළොවේ යතාර්ථය වෙන එකක්. ඒ නිසා එතුමා විසින් සකස් කර ගන්නා ලද මනෝ ලෝකයත් සමාජයේ ජනතාව මුහුණදී තිබෙන යතාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණදීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලතම හාස්කම තමයි දිනේෂ් ගුණවාර්ධන අගමැතිතුමාගේ පුටුව ආසන්නයේ සිට පසුගිය ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් ලබාදුන් ඒ ජනවරමට සම්පූර්ණ පරස්පර කතාවක් කරනකොට ඒ මන්ත්‍රීවරුන් අත්පුඩි ගසමින් අසාගෙන ඉන්න එක ටිකක් විශ්මයජනක කරුණක් ලෙස තිබෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ඉදිරි දින දෙක තුළ විවාදයක් තියෙන නිසා අපේ කරුණු ඒ විවාදයේදී ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් ජනාධිපතිතුමාගේ මනෝරාජික ලෝකයත් පොළොවේ යතාර්ථයත් අතර ජයග්‍රහණය කරන්නේ, පොළොවේ යතාර්ථය. මනෝරාජික සිහිනයක් ඔහුට දකින්න පුළුවන්. ඒකේ සතුටට ප්රමෝදයට පත් වෙන්න පුළුවන්. ඒත් ආර්ථික දේශයේ ඇති වී තිබෙන ගැඹුරුතම අභියෝගයන් පොළොවේ සෑබෑ ජනතාව යටපත් කරමින් යන කාරණයකට අපි මුහුණදෙමින් සිටිනවා.”