නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකළ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි
කාර්යය භාරයක් නොමැතිව පොලිස් මූලස්ථානයට අනුයුක්තකර තිබෙනවා.
ඔහුව එලෙස පොලිස් මූලස්ථානයට අනුයුක්තකර ඇත්තේ, අජිත් රෝහණ සිය ස්ථාන මාරුවට එරෙහිව පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති
ලිපියකට අදාළ පරීක්ෂණ පවත්වන තුරුයි.
එම ලිපියෙන් දක්වා ඇත්තේ, තමන් නැගෙනහිර පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.
අමාත්‍යවරයා විසින් මේ සියල්ල සිදු කරනු ලබන්නේ, තමන් ඇතුළු පිරිස පීඩාවට පත්කර එක් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කිරීම සඳහා බව ද ඔහු මෙම ලිපියේ සඳහන්කර තිබෙනවා.