ගාලු මුවදොර අරගලයත් සමඟ ඇතැම් පිරිසකගේ අරමුණ වී තිබුණේ හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ප්‍රධානීන් ඝාතනය කර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (25) විශේෂ හෙළිදරව්වක් සිදුකළා.
ඒ, ගෝල්ෆේස් අරගලයේ හෙළි නොවූ ඇතුළාන්තය පිළිබඳව ලියැවුණු “නවය සැඟවුණ කථාව” නමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.
අප්‍රේල් 9 වැනිදා ආරම්භ වූ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමිය, ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම දක්වා මාස 04ක කාලය තුළ සිදු වූ දේශපාලනික සමාජයීය සිදුවීම් මෙම කෘතිය මගින් පෙළගස්වා තිබෙනවා.