එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4කින් ලොග් වීමේ පහසුකම අද (25) සිට Meta වෙතින් හදුන්වා දී තිබෙනවා.
එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.
නිතිපතා ස්මාර්ට් ෆෝන් කිහිපයක් භාවිතා කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබෙනවා.
මෙය පරිශීලකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත සිදු කළ බවයි Meta සමාගම සඳහන් කර ඇත්තේ.
මෙසේ එකම ගිණුමකට “ලොගින් වීම” වෙබ් බ්‍රවුසර්, ටැබ් යන්ත්‍ර හෝ ඩෙක්ස්ටෝප් පරිඝණක සමඟ වට්ස්ඇප් සම්බන්ධ කරන ලෙස හා සමාන වෙනවා.
අමෙරිකාව තුළ මෙම පහසුකම ඊයේ (25) දින සිට ක්‍රියාත්මක වන බවට දැක්වෙන සටහනක් මෙටා සමාගමේ සභාපති මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණා.
මීට පෙර එකම WhatsApp ගිණුමට උපාංග කිහිපයක් භාවිතයෙන් වෙබ් බ්‍රවුසර් හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබූ නමුත් එක් දුරකථනයක් හරහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ එක් WhatsApp ගිණුමකට පමණයි.
මෙම නව විශේෂාංගය ලොව අනෙක් රටවලටද ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව මෙටා සමාගම පවසනවා.
කෙසේවෙතත් WhatsApp වෙත සම්බන්ධ වන මූලික දුරකථනයෙහි WhatsApp දීර්ඝ කාලයක් අක්‍රියව පැවතියහොත් සම්බන්ධිත අනෙකුත් දුරකථනවල WhatsApp ගිණුම ස්වයංක්‍රියව Logout වන බව මෙට සමාගම වැඩි දුරටත් සදහන් කරනවා.