මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පාසල්වල දිවා ආහාරය සැපයීමේ සේවාවන් බොහෝ පිරිසක් ඉවත්ව ඇතැයි අණාවරණය වෙනවා.
පවතින ආර්ථික අර්බුදය සමඟ එදිනෙදා වියදම් කළමනාකරණය කරගත නොහැකිව ආහාර සපයන පිරිස් දැඩි අර්බුද රැසකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ.
දකුණු පළාතේ පාසල්වල ප්‍රාථමික අංශයට දිවා ආහාර සපයන පුද්ගලයන්ට මේ වසරේ පෙබරවාරි මස සිට මෙතෙක් අදාළ මුදල් නොගෙවා ඇති බවද සඳහන් වෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කළ සිටින්නේ, මුදල් ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවක් පවතින නිසා මෙම මුදල් ගෙවීම සිදු කිරීම නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් අදාළ මුදල් දකුණු පළාතේ සියලුම පාසල්වලට නොගෙවා ඇති නමුත් බස්නාහිර පළාතේ පාසල්වලට අදාළ මුදල් ගෙවා ඇති බව සඳහන්.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වලටද දිවා ආහාරය සපයන්නන්ට එම මුදල් නොගෙවා ඇති බවද අණාවරණය වී ඇත.