සත්කාරක ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේ දී කාසියේ වාසිය හිමිකරගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා.
ඒ අනුව ඊයේ දිනයේ දී තරඟය අවසන් වන විට ලකුණු පුවරුව කඩුළු 04ක් දැවී ලකුණු 319ක් ව පැවතියා.
අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 95ක් රැස් කල අතර, පෝල් ස්ටර්ලින්ට ලකුණු 74 සීමාවේ දී පාදයේ ආබාධයක් නිසා තරඟයෙන් ඉවත් වීමටද සිදු වුණා.