හම්බන්තොට ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
අද අලුයම මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ දී යි.
රික්ටර් මාපක 4.4ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්.
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8 ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද අලුයම 12.45ට පමණ මෙය සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය නිවේදනය කළේ මෙම තත්ත්වයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති අතර ඒ හේතුවෙන් මහජතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවයි.