අද (24) දින අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ සිටිනවා.
දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි ඔවුන් සඳහන් කළ සිටින්නේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් අද (24) දිනට නිකුත් කළ ඇති එම දෙපාර්තමේන්තුවේ කාළගුණ වාර්තාවේ දැක්වෙනවා.
එම නිසා ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.