ආනයනික බිත්තර බෙදාහැරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇත්තේ, බස්නාහිර පළාත තුළ පමණක් බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ සෙසු පිට පළාත්වල මහා පරිමාණ බේකරි සහ හෝටල්වලින් ආනයනික බිත්තර සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.
එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට හැකියාව ඇතත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඒ සඳහා නෙැමැති වීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ආනයනික බිත්තර නරක්වීමකින් තොරව කල් තබා ගැනීම සඳහා අවශ්‍ය ශීතාගාර පහසුකම් පිටපළාත් වල ප්‍රමාණවත්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් අප රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දරගෙන් විමසා සිටියා.
මේ අතර පසුගිය 15 වනදා දිවයිනට රැගෙන ආ ලක්ෂ 10ක බිත්තර තොගය බස්නාහිර පළාතේ මහා පරිමාන බේකරි සහ හෝටල් වෙත අද බෙදා හැරෙනවා. එමෙන්ම පසුගිය 19 වන දා මෙරටට පැමිණි ලක්ෂ 10ක බිත්තර තොගයේ සාම්පල පරික්ෂාව සඳහා නියැදි ලබා ගැනීම අද සිදු කෙරෙනු ඇති.