පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට අද (24) දින යළිත් වරක් ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.
එසේ නොමැති වුවහොත් නීතිමය පියවර ගන්නා බවයි ත්රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
ඔහුට ත්රස්ත විමර්ශන කොට්ඨාසයට මෙම කැඳවීම කර ඇත්තේ තුන්වන වරටයි.
පසුගිය සිකුරාදා දෙවන වරට ඔහු ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් ඔහු එහි පැමිණියේ නැහැ.
ත්රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් එදින තමාට එම කොට්ඨාසය හමුවට පැමිණීමට නොහැකි බවයි.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ මුල්වරට පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණේ පසුගිය 19 වනදායි. එදිනද ඔහු එම කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි අතර, ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්රකාශයක් පිළිබඳව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහායි මොහුට ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්රණයක් ක්රියාත්මක වූ බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදුකර තිබුණේ 2021 වසරේදියි.