පාසල් ළමුන් ප්රවාහන ගාස්තුව සංශෝධනයට තීරණය කර තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සංගමය සඳහන් කළේ රටේ පවතින යහපත් වාතාවරණය මත මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව එළඹෙන මැයි මස 1 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි මෙම තීන්දුව බලපැවැත්වෙනු ඇති.
එහිදී නව පාසල් ළමුන් ප්රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව සියයට 5ත් 8ත් අතර අගයකින් පහත බැසීමට නියමිතයි.