ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳව මෙන්ම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවනු ඇත.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිතව තිබේ.