අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ හා මී ගවයින් අතර ගැටිති රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මේ නිසා දෛනික කිරි කර්මාන්තයේ නිරත වන කිරි ගොවින්ගේ ජීවනෝපායට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවයි කිරි ගොවීන් පවසන්නේ.
සාමාන්‍ය ප්‍රමාණයේ සම මතුපිට ගැටිති හට ගැනීමත්, එම ගෙඩි විශාල වී පුපුරා ගොස් ලේ සහ සැරව ගලා යාමත් මෙම රෝගය වැළඳුණු ගවයින් අතර දක්නට ලැබෙන රෝග ලක්ෂණයි.
රෝගය වැළඳුණු ගවයින් දින ගණනාවක් නිරාහාරව සිටීම හේතුවෙන් ඔවුන්ගේ වර්ධනය බාල වීම සිදුවන බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ දෛනිකව කිරි ලීටර් 10 ක් පමණ ලබා ගත් දෙනුන්ගෙන් මේ වනවිට ලබාගත හැකි වන්නේ කිරි ලීටර් තුනක් පමණක් බවයි ගොවීන් වැඩිදුරටත් සඳහන් කළේ.