පාස්කු ප්රහාර විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන (24) සදුදා ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ප්රකාශ ලබා ගැනීම සඳහා නීතිපතිවරයා දින දෙකකදී ඉකුත් (19) දින සහ ඊයේ (21) ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණද එ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වා එහි පැමිණ තිබුණේ නැත.
මේ සම්බන්ධයෙන් තෙවන වතාවටත් ත්රස්තවාදය විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු නීතිපතිවරයාට දැනුම් දෙන බවත් එම දැනුම්දීම අනුව එ් මහතා පෙනී නොසිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.