අප්‍රේල් මස 29 දා ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවය ඉන්දියාවේ ඉල්ලීමක් මත මැයි මස 15 වෙනිදා දක්වා කල් දමා තිබේ.
මෙම බෝට්ටු සේවාව පවත්වා ගෙන යාම සදහා ආගමන විගමන නිලධාරීන් හා රේගු නිලධාරීන් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි හා සෙසු උපකරණ පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය වන බැවින් මෙලෙස කල් දැමීමට සිදුවන බව ඉන්දියාව විසින් නිවේදනය කරනවා.