පසුගියදා (11) දින මුදල් මෙහෙයුම් වලදී මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ මුදල් මිටියක අස්ථානගත වීම සම්බන්ධව අද (20) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළ සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.
එම මුදල් මිටියේ වටිනාකම රුපියල් මිලියන 5ක්.
අදාළ සිද්ධිය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර අභ්‍යන්තර පාලනයන්, ක්‍රියාවලීන් යනාදිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුණා.