විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට සිදුව ඇති බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ආර්.ඒ.එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර පවසනවා.
රෝගීන් මෙලෙස මාරුකර යවා ඇත්තේ කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙතයි.
එමෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ පවතින තත්වය මත අත්‍යාව්‍ය හා හදිසි සැත්කම් සිදු කළ යුතු රෝගීන් රෝහල වෙත යොමු කිරීමෙන් වලකින ලෙසයි.