වරප්‍රසාදවලට අලෙවි වන දේශපාලන සූදුවට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කෙසේවෙතත් රජය සිදු කරන සුබවාදී කටයුතු වෙනුවෙන් සහය ලබා දීමට තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්රවෘත්ති මවමින් සිටින බවත් ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්ථාවක එක් නොවන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
එබැවින් මෙවැනි බොරු සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසයි විපක්ෂ නායකවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.