ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලනය, ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000ක් ආනයනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳව තමන් නොදන්නා බවයි.
තවද චීන පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් සිදුකර තමන් වෙත කිසිදු අයදුම්පතක් යොමුකර නොමැති බවත් තානාපති කාර්යාලය නිවේදනය කරනවා.