වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14, 15 වයස් සීමාවේ පසුවන දරුවන් තිදෙනෙකු අලුත් අවුරුදු දා (14) සිට අතුරුදහන්ව තිබෙනවා.
මේ වන විටත් මොවුන් සොයා වෙන්නප්පුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විමර්ශන වලින් අණාවරණය වී ඇත්තේ, මෙම දරුවන් වෙන්නප්පුවේ ඩිපෝ පාර, දුම්මලගෙදර සහ ජයවීදී මාවත යන ප්‍රදේශවල පදිංචි මිතුරන් තිදෙනෙක් බවයි.
මොවුන් තිදෙනා එම ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි අය බව පොලීසිය පවසනවා.
මෙයින් 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා 10 ශ්‍රේණියේ ද, 14 හැවිරිදි දරුවා 09 ශ්‍රේණියේ ද අධ්‍යාපනය ලබමින් සිට ඇත.
මෙයින් 15 හැවිරිදි දරුවෙකුගේ මවක් එම දරුවාගේ යම් වැරැද්දක් සම්බන්ධයෙන් කළ තරවටුවක් මුල් කරගෙන තිදෙනාම මෙලෙස නිවාසවලින් පලාගොස් ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.
තමා රැකියාවක් සොයා යන බව එම දරුවා විසින් මිත්තණියට පවසා ඇති අතර පසුගිය (14) දා මොවුන් තිදෙනාම අලුත් ඇඳුම් වලින් සැරසී එකට ගමන් කරන අයුරු දුටු අයද සිටින බවට පොලීසියට දැනට ලැබී ඇති තොරතුරු වල සඳහන් වෙනවා.
පොලීසිය විසින් සඳහන් කළ සිටියේ, අදාළ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙම දරුවන් අත තිබූ ජංගම දුරකථන අංක ඔස්සේ සිදු කරන බවයි.