කොළඹ ගෝල්ෆේස්හි මින් ඉදිරියට සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමට කැබිනට් මණ්ඩලය අද(18) තීරණය කළා. ආගමික උත්සව පැවැත්වීම සදහා පමණක් අවසර දෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.
මේ අනුව ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සදහා පමණක් ගෝල්ෆේස් බිම වෙන් කරන්නටයි රජය තීරණය කර ඇත්තේ