බෙන්තොට දෙද්දුව ප්රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් ඊයේ (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි.
බලපිටිය මූලික රෝහලේ සේවය කරන මෙම හෙදිය සමග නිදියහනේ සිටි ළදැරියගේ වෙනසක් දැක වහා බෙන්තොට රජයේ රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණවලදී අනාවරණයවූ බ්වද පොලීසිය කියයි.
බෙන්තොට රෝහලේදී මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිනීමට නොහැකි වූ බැවින් බෙන්තොට පොලිසියේ සහ පහළගම්හය හදිසි මරණ පරීක්ෂක කේ.වී.ඩී.උපාලි කුමාරසිංහ මහතා විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය බලපිටිය මූලික රෝහලට ගෙනගොස් අධිකරණයේ උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය විය.
බෙන්තොට පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.