කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත.
අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය.
මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.