සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි.
කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පිට මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇත.
අලව්ව පොලිසියෙන් රාජකාරී නිවාඩු ලබාෙ සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පිහිටි නිවසටමෙම කොස්තාපල්වරයා පැමිණ දාහතර වෙනිදා රාත්‍රියේ ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.