සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්රික් මන්ත්රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
තමන් සහ පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් “අගමැතිකම” පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.