අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉන් සිව් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.
එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ උපන් දින සාදයක් අතරතුර දීය.
මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140ක් පමණ වාර්තා වී තිබේ.