ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයාගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අදාළ යාත්‍රාවේ උර දෙකක් තුළ පාර්සල් 23 අසුරා තිබු කේරළ ගංජා කිලෝ 65යි ග්‍රෑම් 400ක පමණ තොගයක් සොයා ගෙන තිබුණි.
එම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත භාරදීමට නියමිතය.