පාකිස්තානයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් තිබේ.
පොලිස් නිලධාරියෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව සිදුකළ වෙඩිතැබීමක් පිළිබඳව ද විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබුණි.
විදෙස් මාධ්‍ය පැවසුවේ, ලාහෝරයේදී පොලිස් විශේෂ අංශයේ නිලධාරියෙකුට නාඳුනන තුවක්කුකරුවෙකු එලෙස වෙඩිතබා තිබූ බවය.
ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති අතර තුවක්කුකරු පළා ගොස් තිබේ.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා අදාළ පොලිස් නිලධාරියා අතර ලාහෝරයේ මාර්ගයකදී බහින්බස්වීමක් සිදුවී ඇත.
එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පාකිස්තාන බලධාරීන් පැවසීය.