පේරාදෙණිය ප්‍රදේශයේදී ත්‍රීරෝද අනතුරක් සිදු කොට පලාවිත් කටුගස්තොට ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන පුද්ගලයෙකු සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
සැකකරු රිය පැදවීමේ බලපත්‍රයක් ද නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථයක් පේරාදෙණිය නගරයේ ධාවනය කරමින් සිටියදී මහ මඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු අනතුරට ලක් කොට පලාගොස් කටුගස්තොට පොලිස් වසමේ නවයාලතැන්න මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා ඇති අතර එසේ පෙරළා දැමූ ත්‍රීරෝද රථය ඊයේ (11) කටුගස්තොට පොලීසිය මගින් සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කොට තිබේ.
සකකරු විසින් ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමන අයුරු ඒ අසල තිබූ ආවේක්ෂණ කැමරා වල සටහන්ව තිබෙන බව පවසන පොලිසිය තීරෝද රථයේ ලියාපදිංචි අංකය අනුව එහි හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර අදාල ත්‍රීරෝද රථය ඔහුගේ පුතා විසින් පැද වූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
තිරෝද රථය පැද වූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පවසන පොලිසිය රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට වාහනයක් ලබා දීම සම්බන්ධයෙන් වාහනයේ හිමිකරුට සහ අනතුරක් සිදු කොට පලා යාම සම්බන්ධයෙන් සහ රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය යන චෝදනා යටතේ රථය පැදවූ අයටත් නීත්‍යානුකූල පියවර ගන්නා බව පොලිසිය කියයි.