මෑතකාලයේ සිදුවූ රිය අනතුරු කිහිපයකින් පාසල් සිසුන් කිහිපදෙනෙකුම මිය ගිය බවත් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව දෙමාපියන් කටයුතු කළ යුතු බවත් ජ්යෙපෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
“පාරේ ගමන් කරන සෑම වාහනයක්ම පොලිස් නිලධාරීන්ට පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. විශේෂයෙන්ම දෙමාපියන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න, පාසල් සිසුන් ගැන අවධානය යොමුකරන්න.මේ නිවාඩු කාලසීමාව තුළ බීමත්ව රිය පදවන්න එපා. අධික වේගයෙන් රිය පදවන්න එපා.
බීමත්ව රිය පැදවීමෙන් ඔබත්, මාර්ගයේ ගමන් ගන්නා අයත්, වාහනයේ ගමන් ගන්නා අයත් අනතුරට ලක්වෙන්න පුළුවන්. අනතුරක් සිදුවුණොත් ජීවිත දේපළ හානි වෙන්න පුළුවන්.
මේ උත්සව සමය තුළ විනෝදයෙන් කාලය ගත කරන්නේ. නමුත් ඒ විනෝදය අවසානයේ ශෝකාන්තයක් බවට පත්කර ගන්න එපා කියන කාරණය තමයි මතක් කරන්නේ.
මාර්ගයක ගමන් කරන විට ප්රත වේශමෙන් ගමන් කරන්න. අනතුරුවලින් මිදෙන්න කල්පනාකාරීව කටයුතු කරන්න.”