මාස 06කට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණි.
කෙසේවෙතත් යළිත් වරක් විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව යුක්රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ ප්‍රකාශ කර ඇත.
ඊට අදාළ නියෝගයට අත්සන් කිරීමට ද බලශක්ති අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල්වලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා බව යුක්රේන බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දී ඇත.