පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසනවා.
කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම ඊට හේතුව බවයි හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
එසේම රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේ දී නව රෙගුලාසි හඳුන්වාදෙන බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියා සිටියා.