තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදුන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර පවතින දේශපාලන නායකත්වයෙන් මිදී, අලුත් දේශපාලන නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව, විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව පවසනවා.
ඊයේ (05) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.