වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය 21 හැවිරිදි තරුණියකගේ අතක් සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම තරුණියගේ අත වෙන් වී තිබුණා.
කෑගල්ල දීවෙල එරබුදුපිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර, ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තරුණියකගේ වම් අත වැලමිටට මදක් ඉහළින් වෙන් වී ගොස් තිබුණා.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 21 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
අතේ වෙන් වූ කොටස අයිස් යෙදූ කවරයක බහා, එයත් රැගෙන තරුණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට ඇගේ ඥාතීන් කඩිනමින් පියවර ගෙන තිබුුණා.
යුහුසුළුව ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුලු වෛද්‍ය කණ්ඩායම මෙම තරුණියගේ අත බද්ධ කිරීම ආරම්භ කළා.
රාත්‍රී 9ට පමණ ආරම්භ කළ ශල්‍යකර්මය පැය හතරක පමණ කාලයකින් නිම කිරීමට වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හැකි වුණා.
තරුණියට පහර දුන් පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, සිද්දිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කළා.