වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බොරැල්ල පොලීසියට ලැබුණු ඔත්තුවක් මත කරන ලද වැටලීමකින්.
අදාල තැනැත්තා විසින් පුද්ගලයෙකු ඔස්ට්‍රෙලියාවට යවන බව පවසා ඔහුගෙන් රුපියල් 70,000ක මුදලක් වංචා කර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වන යක්විල, පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.