නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව සංවිධාන කරන විද්‍යා හා තාක්ෂණ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්රයට අයත් ආයතන තුළ ප්‍රධානීන් ලෙස පත් කර සිටින සියලු දෙනා එම විෂය ප්‍රවීණයන් බවයි.
එමෙන්ම එම පිරිස් අධ්‍යාපන ක්ෂේත්රය තුළට ප්‍රවේශ කරගැනීම හරහා එම ක්ෂේත්රයන්හි වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශගුණ විපර්යාස කෙරෙහි මෙන්ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම කාලෝචිත බවයි.
මීට අමතරව සුළං, හිරු එළිය, ජලය වැනි පරිසර දූෂණයකින් තොර පිරිසිදු බලශක්ති ප්‍රභවයන් කෙරෙහි මෙන්ම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අප රටට ද ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.