සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (05) ආරම්භ වෙනවා.
මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ (University Oval, Dunedin) ක්රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව කාසියේ වාසියේ ජය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක Tom Latham තීරණය කළේ පළමුව පන්දු යැවීමයි.