නව ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කේ.බී.කේ හිරිඹුරේගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු ඔහු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.