සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මුදලට ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කරනවා.
ඊයේ (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.