දින 40කට වැඩි කාලයක් අතරමග නතර කර තිබූ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ එම සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ (03) පැවැති සාකච්ඡාවෙන් පසුවය.
එහිදි අදහස් දැක්වූ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේ දෛනික දීමනාවක් ලෙස ගෙවීම් සිදුකිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවය.
“මේ වෙනකොට ඇමතිතුමා එකඟතාවය පළ කරන්නනට යෙදුණා කිලෝ මීටර් 80ට අඩු දුර ප්‍රමාණය සහිත අයට රුපියල් 2,000ක දීමනාවකුත්. කිලෝ මීටර් 80ට වැඩි අයට රුපියල් 2,900ක දිමනාවකුත් ලබා දෙන්න එකඟ වුණා. දෛනික දීනාවක් විදියට. ඒ නිසා අපි තීරණය කළා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමේ කටයුතුවලට නායකත්වය ලබා දීලා ඉක්මනින් ඒ කටයුතු ආරම්භ කරන්න.”