කොවිඩ් වසංගතය හමුවේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්රතිලාභ කප්පාදු කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හමුවේ චීනය එරට වැඩිහිටියන්ගේ වෛද්‍ය ප්රතිලාභ කපා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙය චීන රජයේ ජනප්‍රිය තීරණයක් නොවන බවත්, ඒ හමුවේ රජයට දැඩි විරෝධතා එල්ල වෙමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම චීනයේ නගර රැසක මෙම වෛද්‍ය ප්රතිලාභ කප්පාදු කිරීමට එරෙහිව වැඩිහිටි පිරිස් විරෝධතා ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.
ජනතාව අතරින් පැනනැගී ඇති විරෝධතා හමුවේ චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය තවදුරටත් බිඳ වැටීමට ලක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අසාර්ථක කොවිඩ් ප්‍රතිපත්තිය හා දේපළ වෙළඳාම් අංශයේ කඩාවැටීම මෙන්ම බැංකු පද්ධතියේ පවතින අර්බුද හමුවේ පාලන තන්ත්රය සම්බන්ධයෙන් චීන ජනතාව තුළ පවතින විශ්වාසය මේවනවිටත් බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ද ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද චීන රජයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. චීනය එවැන්නක් සම්බන්ධයෙන් අවධානපය යොමු කර ඇත්තේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන ආ යේාජනාවක් හේතුවෙන් ප්‍රංශය තුළ දිනෙන් දින වර්ධනය වන මහජන විරෝධතා මාලවක් ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක් තුළයි.