විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ මුල් මාස 08 හි පාඩුව රුපියල් කෝටි අසූ පන්දහස් හාරසීයකට අධික බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මේ බව අනාවරණ කළේ රත්නපුරේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දීයි.
අදාළ ආයතන තුන පමණක් ලැබූ පාඩුව මෙරට රාජ්‍ය ආයතනවල සමස්ථ පාඩුවෙන් 99%ක් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.
මෙම තත්ත්වය හමුවේ කඩිනමින් අදාළ ව්‍යවසායන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළා.