ඊයේ(02) දින කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකල වැටලීම් ඔස්සේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස හඟවා සිදුකර ගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් වටලා තිබෙනවා.
එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුවන් දෙදෙනෙකු මෙන්ම එහි සේවයකල කාන්තාවක් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ක් හා 30ක් අතර සහ සැකකාරියන් වයස් අවුරුදු 23ත් 32ත් අතර වයස් සීමාවල පසුවන්නන් වෙනවා.
කොල්ලුපිටිය සහ ගල්කිස්ස පොලිසි මඟින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.