ගිලෙන නැවට ගොඩ වෙන්නට තරම් මෝඩ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සජබට එක්වීමට නියමිත බවත් ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා දී ආසන සංවිධායක ධූරද ලබාදෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ගල්ගමුවේ දී පැවසීය.
ගල්ගමුව ප්රීඩම් උත්සව ශාලාවේ දී පැවැති පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් මාධ්‍යවේදීන් ඇසූ පැනයකටපිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.
“සමගි ජන බලවේගයට තිබෙන රට හදන ආර්ථික වැඩපිළිවෙළ වෙනත් කිසිදු පක්ෂයකට නැහැ. අපි අභියෝග කරනවා අනුර කුමාර දිසානායක ලා ට රට හදන ආර්තථික සැලැස්ම හෙළිකරමින් අප සමග විවෘත සංවාදයකට එන්න කියලා. බොරුව පෙන්න පෙන්නා ජනතාව මුලා කරන මාලිමාව මේ වන විටත් ජනතාව ප්‍රතික්ෂේප කරල අවසානයි.
රනිල් වික්‍රමසිංහ එපා කියල වෙනත් පක්ෂයක් හදා ගත්ත අපි ආයෙ ඒ පස්සේ යනවා කිව්වොත් ඒක පුදුමයක්. ආණ්ඩුවේ කීපදෙනෙක්ම අපිත් එක්ක කතා කරලා තියෙනවා අපේ පක්ෂයට එකතු වෙන්න. ඒ අයට අපි කීවේ අපේ පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලයි. ඉන්පසුව පක්ෂයට බඳවා ගන්නවා. ඉන් සමහරෙකුට අපේ පක්ෂයේ ආසන සංවිධායකධුරත් ලැබෙන්න පුළුවන්.”